කොන්සියුලර් ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය කාර්යාල හා විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් ලේඛන,සහතික සත්‍යාපනය කිරිමේදී අයකරනු ලබන අදාල ගාස්තු සංශෝධනය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.
අදාල ගාස්තු ජනවාරි මස 01 සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇතැයි ගැසට් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.
විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද විභාග සහතිකයක් සත්‍යාපනය කිරීමේදී රුපියල් 800 ක මුදලක් ද, විදේශීය පුරවැසියෙකු සදහා ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ඕනෑම ලේඛනයක් සත්‍යාපනය කිරීමේදී රුපියල් 3000 ක මුදලක්ද නව සංශෝධිත ගාස්තු ලෙස අය කරයි.
තවද යම් අපනයන ලේඛනයක් සත්‍යාපනය කිරීමේදී රුපියල් 8000 ක මුදලක් ද, වෙනත් යම් ලේඛනයක් සත්‍යාපනය කිරීමේදී රුපියල් 1200 ක මුදලක්ද නව සංශෝධිත ගාස්තු යටතේ අයකරන බවද සදහන් කරයි.