දැනට නිකුත් කර ඇති ණය සදහා 15.5%ක් දක්වා පොලී අනුපාත ඉහළ දැමීමට මහජන බැංකුව තීරණය කරයි.ඒ, වෙළදපොළ පොලී අනුපාත ඉහළ යාමට සාපේක්ෂවයි.
වෙළදපොළේ පවතින වත්මන් තත්ත්වය යහපත් වීමෙන් පසු පාරිභෝගිකයින්ට අවශ්‍ය සහන ලබා දීමට පියවර ගන්නා බවද මහජන බැංකුව සදහන් කරයි.
පසුගිය 20 වැනිදා සිට ජාතික ඉතිරිකිරීමේ බැංකුව ක්‍රියාත්මක වන පරිදි ඔවුන් මේ වන විට නිකුත් කර ඇති ණය සඳහා වන පොලී අනුපාත 15% ක උපරිමයක් දක්වා ඉහළ දැමීමට පියවර ගත්තේය.
අදාළ පොලී අනුපාත ඉහළ දැමීම ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වෙනත් කිසිදු ආයතනයක උපදෙස් මත සිදු කළ දෙයක් නොවන බවත්, එය බැංකුවේ ව්‍යාපාරික තීරණයක් බව ඉතිරිකිරීමේ බැංකුව සදහන් කරයි.
අද (30) දින මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සියලු බැංකු වෙත උපදෙස් දී ඇත්තේ, වාණිජ බැංකුවලින් ලබා ගෙන ඇති ණය යළි ගෙවීමේදී අපහසුතාවට පත්ව ඇති ණය ගැතියන්ට සහන සලසන ලෙසටයි.