විදුලිබිල වැඩි කිරීම හේතුවෙන් මෙම වසරේ අනිවාර්යෙන්ම රට පුරා හර්තාල් ව්‍යාපාරයක් ඇරඹෙන බව ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලත් සදහන් කරයි.
එවන් ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමත් සමග රටේ ජනතාවගේ කැළඹීම් මතුවන බවත් ඊට සහාය පළ කරන්නටත් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට ගෙදර යාමට සිදු වූවා වගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහටද එය සිදුවිය හැකි බවද කැදවුම්කරු රන්ජන් ජයලත් සදහන් කරයි.
පුත්තලම නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණවත් පරිදි ඇති බව සදහන් කිරීම සම්පූර්ණ අසත්‍ය බවත් ගල් අඟුරු නැවු 38ක් පැමිණිය යුතුව ඇතත් මේ වන විට පැමිණ තිබෙන්නේ උපරිම නැව් හයක් පමණක් බවද ඔහු තවදුරටත් සදහන් කරයි.