කොවිඩ් අවදානම පහව ගොස් නැති නිසා ශ්‍රී ලංකාව තුළ වෛරසය ව්‍යාප්ත විය හැකි බවත් වෛරසයෙන් ආරක්ෂා වීමට කොවිඩ් මර්දන එන්නත් ගත යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සදහන් කරයි.
කොවිඩ් මර්දන එන්නත්කරණය පරිපූර්ණ කර තිබේ නම් කුමන වෛරස ප්‍රභේදයක් පැමිණියත් ආරක්ෂාවක් තිබෙන බවත් එන්නත් ගෙන නැති නම් එන්නත්කරණය ඉතාම වැදගත් බවද විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සදහන් කරයි.
මුව ආවරණ පැලඳීම, දෑත් පිරිසුදුව තබා ගැනීම, දුරස්ථව සිටීම යනාදි මූලික සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නම් වෛරසයෙන් ආරක්ෂා විය හැකි බවද විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සදහන් කරයි.