පසුගිය දිනක යුක්රේනය එල්ල කළ ප්රහාර හමුවේ මැකිව්කාහි රුසියානු සෙබළුන් 80කට වැඩි පිරිසක් මියගිය අතර එම ප්රහාරයෙන් පසු රුසියාව සදහන් කළේ යුක්රේනයෙන් ඉතා ඉක්මනින් පළිගන්නා බවයි.
ඒ අනුව රුසියානු යුධ නෞකා තුනක් මේ වනවිට කළු මුහුදට පැමිණෙමින් තිබෙන බව යුක්රේනය වාර්තා කර තිබෙන අතර එය යුක්රේනයට දැවැන්ත ප්රහාරයක් එල්ල කිරීමේ සූදානමක් බව බොහෝ යුධ විශ්ලේෂකයින් අනතුරු අඟවයි.
එහෙත් රුසියාවෙන් එල්ල වන ඕනෑම ප්රහාරයකට තම රට සූදානමින් සිටින බව යුක්රේන ජනපති සෙලෙන්ස්කි සදහන් කරයි.
ලොව දියුණු අධි තාක්ෂණික යුධ අවිවලින් සන්නද්ධ නෞකා තුනක් අත්ලාන්තික් සහ ඉන්දීය සාගර කලාපවලට යැවිමට රුසියානු ජනපති පුටින් තීරණය කර ඇත.
ජනපති පුටින් සිය රුසියාවේ යුධ ශක්තිය පිළබඳ බටහිරට ඒත්තු ගැන්වීමේ අරමුණින් මෙය සිදු කල බව බොහෝ යුධ විශ්ලේෂකයින් අනතුරු අගවයි.