අමෙරිකාවට ගිය කතාව බොරුවක්.. ගෝඨාභය මුළු පවුලම ඩුබායි ගිහින් යුරෝපයට.!

ගෝඨාභය රාජපක්ෂ සමග පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු ඇමෙරිකා එක්සත් ජනපදය බලා අද පිටත්ව ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය පළ කොට ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව වාර්තා වේ.

අද අලුයම් කාලයේ ගෝඨාභය රාජපක්ෂ, බිරිය අයෝමා රාජපක්ෂ, මනෝජ් රාජපක්ෂ, එස්.ඩී.රාජපක්ෂ සහ ඩී.එච්.රාජපක්ෂ එසේ පිටත්ව ‌ගොස් ඇත්තේ ඩුබායි රාජ්‍යය දක්වා වේ.

දින කිහිපයක් එහි ගත කිරීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ,බිරිඳ, පුතා, ලේලිය හා මිනිබිරිය යුරෝපා රටක් වෙත යාමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ පවුල නිවාඩුවක් සදහා මෙසේ යුරෝපා රටක දින කිහිපයක් ගත කිරීමට නියමිත බවද වාර්තා වේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close