මූල්‍ය සමාගම් සහ කල්බදු සමාගම් වාහන අත්පත්කර ගැනීමේදී වාහනයේ අයිතිකරු විරෝධය දක්වන්නේ නම් දිසා අධිකරණයේ නඩු පවරා වාහනය අත්පත් කර ගැනීමට නෛතිකව පියවර ගත යුතු යැයි පොලිස්පතිවරයා නව චක්‍රලේඛයක් නිකුත් කරයි.
එම සමාගම් වාහන හෝ උපකරණ අත්පත්කර ගැනීමක් පිළිබඳව අයිතිකරු කරන පැමිණිලි ඇතැම් පොලිස් ස්ථාන මගින් ප්‍රතික්ෂේප කරන බව වාර්තා වී තිබෙන බවත් මින් ඉදිරියට පැමිණිලි බාරගෙන විමර්ශනයක් සිදු කළ යුතු බවද එහි සඳහන් වේ.
රට තුළ වාහන කොල්ලකෑම, වාහන සොරකම් කිරීම ආදි වරදක් සිදු වුවහොත් ඒ පිළිබඳව පොලිසිය නීති ක්‍රියාමර්ග ගත යුතු බවද පොලිස්පතිවරයා නිකුත් කල එම චක්‍රලේඛයේ සඳහන් වේ.