ජංගම දුරකථන ආරවුලක් මත අත්අඩංගුවට ගත් දෙදෙනකු නිදහස් කර ගැනීම සඳහා අඟුලාන පොලිසිය පිරිසක් කඩා වැටී එහි කලබලකාරී තත්ත්වයක් ඇති කර පොලිසියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු සමග පලාගොස් ඇත.
එම අත්අඩංගුවට ගත් දෙදෙනාගේ ඥාතීන් බව කියන එම පිරිස මෙසේ පොලිසියට කඩා වැදී කලහකාරී තත්ත්වයක් ඇතිකර ඇත.පොලිසියෙන් පලා ගිය සැකකරුවන් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කර සිටියදී යළි අත්අඩංගුවට ගෙන ඇත.
එම කලහාකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා අඟුලාන පොලිසියට අවට පොලිස් වලින් පොලිස් කණ්ඩායම් කැඳවා ඇති අතර තුවාල ලද එක් පොලිස් නිලධාරියෙකු රෝහල්ගත කර ඇත.