ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවන බවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය අනතුරු ඇඟවීමක් කර ඇත.
පසුගිය දා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රීඩා පනතට නව රෙගුලාසි කිහිපයක් ඇතුළත් කළ අතර ඊට මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් රැසකින් විරෝධයක් එල්ලවෙමින් පවතී.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයටද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් එම රෙගුලාසිවලට විරෝධය පළ කර ඇත්තේ ජාතික ක්‍රීඩා සංගම් රැසකින් විරෝධයක් එල්ලවෙමින් පවතින පසුබිමකයි.
පාපන්දු නිලවරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන බාහිර මැදිහත්වීම් පිළිබඳව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැඩි විරෝධ්ය පළ කරන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධාන සාමාජික සංගම් නිලධාරි කෙනි ජීන් මාරි විසින් යොමු කළ ලිපියේ දැක්වෙයි.!