සභාපති දිනේශ් ශාෆ්ටර්ගේ අභිරහස් මරණය ඝාතනයක් ද.? එසේත් නැතිනම් ඔහු විසින් සිදුකරගත් සියදිවි නසාගැනීමක් ද.? යන සැකය මේ වන විට අවධානය යොමු වී ඇත.
සභාපතිවරයා බිරිඳගේ මවට ලියන ලද ලිපියක් සහ කෙටි පණිවුඩ කෙරෙහිද විමර්ශකයන්ගේ දැඩි අවධානය යොමුවී ඇති බවද වාර්තා වේ.
“මේ වගේ හොඳ දුවක් හදලා මට ලබාදුන් අම්මාට බොහොම ස්තුතියි” ලෙස හැඟීම්බර අදහස් අඩංගු කර ලියන ලද ලිපියක් සම්බන්ධයෙන් අවදානය යොමුවී ඇත.
සභාපති දිනේශ් ශාෆ්ටර් බිරිඳ සමග එංගලන්තය බලා යාමට හෝරා කිහිපයක් තිබු බවද සිදුකළ විමර්ශන වලින් අනාවරණය වේ.
දිනේෂ් ශාෆ්නර්ට කෝටි ගණනාවක ව්යාපාරික ගනුදෙනු වලින් රුපියල් කෝටි 2000 පමණ පාඩු සිදුවී ඇති බවද පවුලේ සමීපතමයන්ගේ ප්රකාශවලින් මේ වන විට අනාවරණය වී ඇත.
සභාපති දිනේෂ් ශාෆ්නර්ගේ අභිරහස් අබිරහස් මරණය සම්බන්ධයෙන් සිය පවුලේ සමීපතමයන් කිහිප දෙෙකු ඇතුළු පුද්ගලයන් 70කින් පමණ ප්රකාශ ලබාගෙන ඇත.