ප්රාදේශීය ලේකම්වරුන් 40ක් දේශපාලන අවශ්‍යතා මත ස්ථාන මාරු කිරීමේ උත්සාහයක් පවතින බවත් වහාම එම කටයුත්ත නතර කරන ලෙසද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සදහන් කරයි.
විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දිනයක් ඉල්ලා ඇති බවත් සංගමයේ සභාපති විපුල රෝහණ සඳහන් කරයි.
නීත්‍යානුකූල නොවන කටයුතු සදහා නිර්දේශ ලබා නොදීම නිසා ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු ඉහළ දේශපාලන නියෝජිතයන් ඔවුන්ව මාරු කිරීමේ උත්සාහයක නිරතවන බවද සභාපති විපුල රෝහණ සඳහන් කරයි.