ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අද (30) දින උදෑසන සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඔහු නවදිල්ලි බලායන අතරතුර රූර්කී නම් ප්‍රදේශය ආසන්නයේදී එම අනතුර සිදු ව ඇති බවත් අනතුර සිදුවීමෙන් අනතුරුව රිෂාබ් ගමන් කරමින් සිටි මෝටර් රථය ගිනි ගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුරින් බරපතළ තුවාල ලබා ඇති රිෂාබ් මේ වනවිට ප්ලාස්ටික් සැත්කමට භාජනය කර ඇති බවත් ඔහුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මූලික තොරතුරුවලට අනුව, රිෂාබ් මුලින්ම ඇතුළත් කරනු ලැබුවේ රූර්කි හි සක්ෂාම් රෝහලට වන අතර දැන් ඔහු ඩෙරාඩුන් හි මැක්ස් රෝහල වෙත යොමු කර ඇති බවද වාර්තා කරයි.