මැතිවරණයකට වියදම් කලොත් ආර්ථිකය කඩා වැටෙනවා.!

රට මේ මොහොතේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ පා සිටීම හේතුවෙන් මැතිවරණයක් සඳහා මුදල් වෙන් කිරීම සිදු කළ නොහැකි යැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සදහන් කරයි.

මේ වන විට රට තුළ රාජ්‍ය මාසික ආදායම ප්‍රමාණවත් වන්නේ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි දීමනා ලබාදීම සඳහා පමණක් බවද ඔහු සඳහන් කරයි.

මැතිවරණයකට මුදල් වෙන් කිරීමට සිදුවුවහොත් ආර්ථිකය ගොඩගැනීම සඳහා පසුගිය මාස 06 දී ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ විනාශ වන බවත් රටේ උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය තවත් තීව්‍ර වනු ඇති බවද සදහන් කරයි.

මූල්‍ය අර්බුදය විසඳීම සඳහා මේ වන විට ක්‍රමානුකූලව පියවර ගෙන තිබෙන බව පැවසූ එම නිලධාරියා ලබන වසරේ මාර්තු මාසය පමණ වන විට එහි සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවනු ඇති බවද සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close