වියට්නාමයේ වැඩබිමක කොන්ක්‍රීට් පිරවීම සඳහා සකසා තිබූ ගුඹුරු කුහරයක් වෙත ඇදවැටුණු එම දරුවා ජීවිතයෙන් සමුගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තායි ලී හෝ නාම් නමැති වයස අවුරුදු 10ක කුඩා දරුවෙක් බවත් පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා දරුවා කුහරයේ සිරව ඇති බවද සදහන් කරයි.
දරුවා එහි තිබූ අඩි 35ක් ගැඹුරැති,සෙන්ටිමීටර් 25ක් පමණක් පළලකින් යුක්ත වූ කොන්ක්‍රීට් පිරවීමට තිබූ කුහරයක් වෙත ඇද වැටී ඇති බවත් පැය භාගයක් තුළ මුදගැනීමේ කණ්ඩායම් එහි පැමිණ මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම කුහරය වඩාත් පටුවීම හේතුවෙන්, දරුවා මුදාගැනීම අපහසු වුවද මුදා ගැනීමේ කණ්ඩායම් දරුවාගේ දිවි බේරාගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරූ බවත් දරුවා බේරාගන්න නොහැකි වීම හේතුවෙන් ඔවුන් දැඩි ලෙස දුක් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.