ඩයනාට වැඩ වරදින ලකුණු.. බ්‍රිතාන්‍යයෙන් වාර්තා කැදවයි.!

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ගැන බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා කඩිනමින් ගෙන්වාගෙන අදාළ විමර්ශන සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (05) දින නියම කරයි.

උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරයි.

බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල වාර්තාව ලැබීමෙන් පසු නඩුවට අදාළ නියෝග නිකුත් කිරීමට අධිකරණයට පහසු වන බවත් එතෙක් අදාළ තැනැත්තිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් කිරීම සුදුසු නොවන බවද මහෙස්ත්‍රාත්වරයා සඳහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close