පසුගිය කාලයේ දිවයින පුරාම ලිට්‍රෝ ගෑස් නිෂ්පාදනයේ දුර්වලතාවක් හේතුවෙන් කිසියම් හෝ කෙනෙක් අපදාවට පත්වූ බවට ඔප්පු වුවහොත් ඒ සඳහා වන්දි ගෙවීමට ලිට්‍රෝ සමාගම අනිවාර්යෙන් ඉදිරිපත් වන බව සමාගමේ සභාපති මුදිත පීරිස් සදහන් කරයි.
ලිට්‍රෝ සමාගමට ලෝක බැංකුවෙන් ලැබුණු රුපියල් බිලියන 26 ද ඇතුළුව සියලුම ණය ගෙවා මේ වන විට රුපියල් කෝටි 100 පමණ ලාභයක් සහිත රාජ්‍ය ආයතනයක් බව සභාපති මුදිත පීරිස් සදහන් කරයි.
ලිට්‍රෝ සමාගමේ කළමනාකරණ සාර්ථකත්වය මත එම සාර්ථකත්වය සමාගම ලැබූ බවද සභාපති මුදිත පීරිස් තවදුරටත් සදහන් කරයි.