බන්ධනාගාරයේ සිටි තිලිණි ප්‍රියමාලි මුදාහරී.!

මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතකර සිටි, ව්‍යාපාරික තිලිණි ප්‍රියමාලි අද (27) ඇප මත මුදා හැරීමට පියවර ගත්තේය.

බන්ධනාගාර නිලධාරීන් විසින් තිලිණි ප්‍රියමාලි අද පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් ඇප අත්සන් කළාය.

අනතුරුව ඇයව තවත් චෝදනාවකට අදාළව සිදුකරන නඩු කටයුත්තක් සඳහා බන්ධනාගාර නිලධාරීන් යළි රැගෙන ගියේය.

අනතුරුව මුල්‍ය වංචාවට සැකකාර තිලිණි ප්‍රියමාලි අද පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයෙන් මුදා හැරීමට පියවර ගත්තේය.

ඒ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලද සියලුම ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුවය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close