ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සඳහා, අද (26) දින පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාව දැනුම්දීමක් කරයි.
මියගිය අය සිහිපත් කරමින් රට පුරා විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
සිහිකරමින් මෙහි ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල, පැරෑලිය “සුනාමි ස්මාරකය” අභියස දී අද උදෑසන පැවැත්වීමට නියමිතව ඇත.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්කොන් ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජීවිත අහිමි වු අයගේ ඥතීන් එම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.