පම්පෝරි ගැහුවට කංචන විජේසේකර ඇමැතිවරයාද අසමත් වී සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සදහන් කරයි.
නොරොච්චෝලේ ගල් අඟුරු ඇටයක් වත් නැති තැනට පත්ව තිබෙන අතර තමන්ගේ දුර්වලතාව වසා ගැනීමට මහා සංඝ රත්නයට අපහාස කළාට පලක් නැති බවද මන්ත්‍රී චමින්ද විජේසිරි සඳහන් කරයි.
ඇමතිවරයාට අවශ්‍ය වී ඇත්තේ රාජපක්ෂවරුන්ගේ හිතෛශියෙකු වන කොරල් එනර්ජි සමාගමට ගල් අඟුරු ඇනවුම ලබා දීමට බවද මන්ත්‍රී චමින්ද විජේසිරි සදහන් කරයි.
අවශ්‍ය ඩීසල් ලබා ගැනීමටත් නොහැකි වූ තත්ත්වයක ගල් අඟුරු නොමැති වුවහොත් සිදුවන දේ නොදැනීමට ඇමතිවරයා තොත්ත බබෙක් නොවන බවද මන්ත්‍රී චමින්ද විජේසිරි තවදුරටත් සදහන් කරයි.