මහාචාර්ය ආශු මාරසිංහගේ යැයි කියවෙන වීඩියෝවක් මුල්කරගෙන සිදු කෙරෙන විමර්ශනයේ ප්‍රගතිය සොයාබැලීමට පීපල්ස් ටුමරෝ සංවිධානයේ සභාපති නීතීඥ අමිල එගොඩමහවත්ත කටයුතු කර ඇත.
පැහැදිලිවම මෙය නීතිය යටතේ වැරදි සහගත ක්‍රියාවක් බව සභාපති නීතීඥ අමිල එගොඩමහවත්ත සදහන් කරයි.
මීට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවාට වඩා මෙය හෙළිකළ මාධ්‍යයට එරෙහිව ක්‍රියා කිරීමට මන්දිරවල කුමන්ත්‍රණ දියත් වෙමින් පවතින බවද අමිල එගොඩමහවත්ත සදහන් කරයි.
එම පැමිණිල්ල ජනාධිපති ලේකම්වරයාට, නීතිපතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට අතුළු වගකිවයුතු ආයතන වලට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කරයි.