අසල්වැසි ඉන්දීය සමාගමකින් මෙරටට ඖෂධ වර්ග විසිහතක් ගැන්වීමට කෙහෙළිය රඹුක්වැල්ල විසින් ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලය නොමඟ යවා ඇතැයි එල්ලවන චෝදනා ඔප්පු කළහොත් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරයි.
ඉන්දියාවෙන් ණය පහසුකම යටතේ ඖෂධ මෙරටට ගෙන්වීමට අදාළ සියලු ලිඛිත සාක්ෂි ඉදිරි දෙක දින දෙක තුළදී ඉදිරිපත් කරන බවත් මේ සම්බන්ධයෙන් තමන්ට එල්ල වන සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරයි.
ඉන්දීය ණය පහසුකම් යටතේ මෙරටට ඖෂධ ගෙන්වීම සදහා ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩල අනුමැතිය මත පමණක් සිදුකරන බවද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරයි.