මෙරට බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩුව පවතින ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය සඳහා දැඩි තරගකාරිත්වයක් ඇතිවෙයි.
පොදුජන පෙරමුණේ ප්රධානීන් කිහිප දෙනකුම මන්ත්රී ධූරය ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇත.ඊට අමතරව තවත් බාහිර පිරිස්ද එම මන්ත්රීධුරය ලබා ගැනීම සඳහා උනන්දුවක් දක්වන බව වාර්තා වෙයි.
ප්රකට ව්යාපාරික ධම්මික පෙරේරා එම මන්ත්රීධුරය සඳහා පත් කරනු ඇතැයි වාර්තා වුවද ඇති වී තිබෙන නීතිමය තත්ත්වයක් හේතුවෙන් එය යම් ගැටළුකාරී තත්වයකට පත්ව ඇත.