මෙරට ඉදිරි දෙසතිය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් මෙන්ම දේශපාලනයෙන්ද විශ්‍රාම යාමට ‘‘රාජපක්ෂ’’ නම ඇති ප්‍රබල මන්ත්‍රිවරයකු සූදානම් බව වාර්තා වේ.
මෙරට පසුගිය කාලයේ ඇති වූ යම් යම් කලකිරීම් හේතුවෙන් මෙම රාජපක්ෂ වරයා මෙම තීරණය ගැනීමට තීන්දු කර ඇත.
මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරයා අගමැති ධුරයෙන් සහ බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සිය මන්ත්‍රි ධුරයෙන් පමණක් ඉවත්ව ඇත. දෙදෙනා සක්‍රිය දේශපාලනයේ තවදුරටත් නිරත වන බව ප්‍රකාශ කර ඇත.
එහෙත් ඉදිරියේදී මන්ත්‍රි ධුරයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති මෙම ‘‘රාජපක්ෂ ප්‍රබලයා’’ දේශපාලනයෙන්ද සමු ගන්නා බව වාර්තා වේ.
අවශ්‍ය වේලාවේ පැමිණීමටත් අවශ්‍ය වේලාවේදී සමු ගැනීමත් වැදගත් බව හිටපු ඇමැති චමල් රාජපක්ෂද පාර්ලිමේන්තුවේදී පසුගියදා සදහන් කළේය.