පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දීමක් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් කැළඹීමට පත්ව ඇත.
බැසිල් රාජපක්ෂට අතිශය පක්ෂපාතී ලෙස කටයුතුවල මන්ත්‍රීවරුන් මෙම නවතම තත්ත්වයත් සමග දේශපාලන වශයෙන් අනාථ තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.
ඇතැම් පිරිස් දැනටමත් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශව සමග වැඩි හිතවත්කම් පවත්වමින් ඇති අතර තවත් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට සමීප වීමට මාර්ග සොයමින් සිටීන බව වාර්තා වේ.
බැසිල් රාජපක්ෂ අතිශය පක්ෂපාතීව කටයුතු කළ කිහිප දෙනෙකු දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කරනු ඇති බවද වාර්තා වේ.