නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ සය දෙනකුගෙන් යුත් පවුලක් හූනෙකු හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ ජෝන් සැමුවෙල් නම් පුද්ගලයකු, ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ තවත් නෑදෑයින් දෙදෙනෙක් බවද සදහන් කරයි.
නිවසෙන් කිසිඳු ශබ්දයක් පිට නොවීම නිසා අසල්වැසියන් දොර කඩා ඇති අතර එම අවස්ථාවේ සැමුවෙල් ඇතුළු පිරිස එක් එක් කාමරවල මියගොස් සිටින අයුරු දැකගත හැකි වී ඇත.
නිවසේ ඔවුන් නිදා සිටි අයුරින් සිට ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් නින්දේදී මෙලෙස මියගොස් ඇතැයි විශ්වාස කළ හැකි බව ඇසින් දුටු සාක්ෂිකරුවන් සදහන් කර ඇත.
මොවුන් මියයාමට හේතුව ආහාර විෂවීමක් බවත් නයිජිරියානු පොලිසිය විමර්ශන වලදී අනාවරණය කර ගෙන ඇත.