බොහෝ ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතනය සහ අධික සුළං හේතුවෙන් දිස්ත්‍රික් හතරකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කළේය.
ඒ අනුව කෑගල්ල කුරුණෑගල මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කයට මෙලෙස නායයාම් විශාල ගල් පෙරළීම් පස් කඳු කඩා වැටීම් පිළිබඳ අනතුරු අඟවා ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලෙපොල, උකුවෙල, ලග්ගල පල්ලේගම, රත්තොට සහ නාඋල යන ප්‍රදේශවල ජනතාවට නායයාම් සම්බන්ධයෙන් දැනුවත් කර ඇත.
පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවා ඇති බැවින්, වර්ෂාව තවදුරටත් පවතී නම්, නායයෑමේ, බෑවුම් කඩාවැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ ඇතිවිය හැකි බවද සදහන් කරයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ, එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙසත් දැඩි අවදානයෙන් සිටින ලෙසයි.