ඇෆ්ගනිස්තානයේ රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන කාන්තාවන්ට රැකියාවල නිරත වීම තහනම් කිරීමට තලෙයිබාන් රජය කටයුතු කර ඇත.
තලෙයිබාන් රජය මෙම නියෝගය නිකුත් කළේ එරට කාන්තාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තහනම් කිරීමෙන් දින කිහිපයකට පසුව වේ.
රාජ්‍ය නොවන සංවිධාන කාර්ය මණ්ඩලය හිජාබය නොපැළදීමෙන් සහිරා නීතිය කඩකිරීම හේතුවෙන් එම පියවර ගත් බව ඉස්ලාමීය පාලකයින් සදහන් කරයි.
ආර්ථික අමාත්‍යාංශයෙන් ජාතික සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වෙත ලිපියකින් එම නියෝගය දැනුම් දී ඇති බවත් නියෝගය අනුගමනය නොකරන්නේ නම් සංවිධානවල බලපත්‍ර අවලංගු කරන බවද සදහන් කරයි.