මෛත්රීපාල සිරිසේන මහතා විසින් පැවැති පක්ෂයේ රැස්වීමකට පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ නිමල් සිරිපාලද සිල්වා මහතාට සහ මහින්ද අමරවීර මහතාට ආරාධනා කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ මන්ත්රීවරුන්ගේ දැඩි විරෝධය ඒ මහතා වෙත පළව ඇති බව වාර්තා වෙයි.
අදාළ රැස්වීම පක්ෂයේ මන්ත්රීවරුන් බොහෝ දෙනා වර්ජනය කොට ඇති බවක් ද වාර්තා වේ.මෙම රැස්වීමට පැමිණ තිබුණේ දුමින්ද දිසානායක සහ රංජිත් සියඹලාපිටිය මන්ත්රීවරුන් පමණක් බවද වාර්තා වේ.