මෙරට විදුලි ජනනය සඳහා ප්රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මේ මස 13 වැනිදා සහ 15 වැනිදා සිට 18 දක්වා දින හතර ඇතුළු දින පහේ,
සියලුම කලාපවලට පැය 2 යි මිනිත්තු 15 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (10) පස්වරුවේ සදහන් කළේය.
A සිට ‘W’ දක්වා කලාප 20 ට පෙරවරු 9.00 සිට රාත්රී 10.00 දක්වා එම විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළේය.
එළඹෙන 14 සහ 19 දෙදින සියලුම කළාපවලට පස්වරු 5.30 සිට රාත්රී 10.00 දක්වා දිනකට පැයක් පමණක් විදුලිය විසන්ධි කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.