සුරාසැල් වසා දමයි.අමාත්‍යංශයෙන් නිවේදනයක්.

මෙරට ඇති සුරාසැල්, රේස්බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා අඟහරුවාදා(14) දින වසා තැබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එළඹෙන 14 වැනි දින පොසොන් පොහොය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ වෙනුවෙන්, දිවයිනේ සියලුම සුරාසැල් වසා තැබීමට පියවර ගනී.

සුපිරි වෙළෙඳසැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත්, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටියේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close