මෙරට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී දිලිප් වෙදආරච්චිගේ පුත්රයා වන රවිඳු වෙදආරච්චි සහ පුත්රයාගේ බිරිඳ වන නෙත්මි හරින්දි ද සිල්වා ඇප මත මුදා හරී.
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා එල්ල කිරීම යටතේ ඔවුන් ඉකුත් දා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.අධිකරණය නියෝග කළේ සැකකරු සහ සැකකාරිය අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.