අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) ඉංජිනේරු සංගමය වැඩ වර්ජනයක් ඇතුළු දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක් දියත් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
ඒ පහත සඳහන් ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බව එම සංගමය සදහන් කළේය.
01. තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය අනුගමනය නොකර දේශීය ලංසුකරුවන්ට කිසිදු සමාන අවස්ථාවක් ලබා නොදී රටේ සුළං සහ සූර්ය බලශක්ති සම්පත් Adani සමූහයට පැවරීම.
02. 2009 අංක 20 දරන විදුලිබල පනත සංශෝධනය කිරීම, අනවශ්‍ය යෝජනා හරහා දූෂණයට මග පාදන තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය අවලංගු කිරීම.
03. පසුගිය පාලන සමයේ පත්කළ ලංවිම සභාපතිවරයා ඉවත් නොකිරීම.