මෙරට කුලී පදනම මත වාහන ලබාගෙන ආපසු ලබා නොදී වංචා කිරීම සම්බන්ධයෙන් සිදුවීම් කිහිපයකට අදාළ සැකකරුවන් තිදෙනෙකු කිලිනොච්චිය ප්රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27, 29 සහ 37 වයස්වල පසුවන පිළිමතලාව සහ දංතුරේ ප්රදේශවල පදිංචි පුද්ගලයන් තිදෙනෙකු බව වාර්තා වේ.
මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා සමග මෝටර් රථ 5ක් වෑන් රථ දෙකක් සහ ජීප් රථයක් සොයාගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.