වාහන අංක තහඩුවේ මෙතෙක් පැවති පළාත් හැඟවීමේ ඉංග්‍රීසි අක්ෂර ලබන ජනවාරි මස 01 වෙනිදා සිට ඉවත් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ අද (30) සදහන් කරයි.
ඒ අනුව ඉදිරියේදී නිකුත් කරන නව අංක තහඩුවල ඉංග්‍රීසි අක්ෂරය මුද්‍රණය නොකරන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සදහන් කරයි.
නව ලියාපදිංචි කිරීමේ සහ දැනට පවතින අංක තහඩු සහිත වාහනවල ලියාපදිංචිය වෙනස් කිරීමේ ගාස්තු ගෙවිය යුතු බවද කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ තවදුරටත් සදහන් කරයි.