මෙරට ස්වාධීන පක්ෂ 9යේ කණ්ඩායමේ නායකත්වයට විමල් වීරවංශ මන්ත්රීවරයා නම් කිරීමට යෝජනා වී තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.
මෙරට 21 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 09 යේ නියෝජතයින් අද (31) පස්වරුවේ ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයෙදී රැස්ව ඇත.
අදහස් දැක්වූ මන්ත්රී විමල් වීරවංශ ,
“අපේ අවසාන යෝජනාවලිය අපි සකස් කරලා තිබෙනවා. හෙට අපේ යෝජනාවලිය අගමැතිට දෙන්න බලාපොරොත්තු වෙනවා. අපිට විශ්වාසයි 21ට තුනෙන් දෙක තියෙයි කියලා.”
අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර,
“අපේ එකතුවේ නායකත්වයට අපි පිළිඅරගෙන තිබෙනවා.විමල් වීරවංශ මහතාව පත්කර ගන්න. එතුමාව තමයි ඉස්සරහට දාන්නේ. ඊළඟ මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වයට වුණත් එතුමා හොඳයි.”