මෙරට අවුරුදු 12ක් හා මාස පහක් වියැති බාලවයස්කාර දැරියක් බරපතල ලෙස ලිංගික අපයෝජනය කිරිම සම්බන්ධයෙන් 40 හැවිරිදි සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගත් බව අක්මිමන පොලිසිය සදහන් කළේය.
මෙම අත්අඩංගුවට ගෙන ඇත්තේ මුලන නරාවල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් වේ. මෙම දැරිය ඇයගේ ආච්චි අම්මා විසින් හදාවඩා ගනු ලබන දැරියක්ය.
මෙම සැකකාර දෙදරු පියා විසින් මෙම දැරිය සමග දැනට වසර එක හමාරක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව වාර්තා වේ.
මෙම දැරිය එම ප්‍රදේශයේ පාසලක හය වසරේ ඉගෙනුම ලබන අතර දැරියගේ පාසල් බැගයේ තිබි පෙම් හසුනක් විෂයභාර ගුරුවරියට හමුවි ඇත.
මේ පිළිබද දැරියගේ ආච්චි දැනුවත් කිරිමට කටයුතු කර තිබු අතර ඇය දැරිය සමග පැමිණ පොලිසියට පැමිණිලි කර ඇත.
දැරිය වසර එක හමාරක පමණ කාලයක සිට සැකකාර දෙදරු පියා විසින් වරින් වර ඇය බරපතල ලෙස ලිංගිකව අපයෝජනයකට ලක්කොට ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
මෙම දැරිය අධිකරණ වෛද්‍ය පරික්ෂණයකට යොමුකොට තිබු අතර ඇය දුෂණයට ලක්ව ඇති බව වෛද්‍ය පරික්ෂණයේ දි අනාවරණය වි ඇති බව පොලිසිය සදහන් කළේය.
මෙම සැකකරු අද (12) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ අතර අක්මීමන පොලිසිය විසින් විමර්ශන මෙහෙයවයි.