ලිට්‍රෝ සමාගමේ සභාපති ඉවත් වීමට හේතුව වැඩි මිලට ගෑස් නොගැනීම.

මෙරට ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් එම ධූරයෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ වැඩි මිලට ගෑස් මිලදී ප්‍රතික්ෂේප කිරීම නිසා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සදහන් කළේය.අද (11) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

ඔවුන්ට ලැබී ඇති තොරතුරු අනුව ගෑස් මිල ඉහළ යාමත් සමඟ වැඩි මිලට ගෑස් මිලදී ගැනීම සඳහා කවරෙකු හෝ සභාපතිවරයාට බල කර තිබෙන බවයි මන්ත්‍රී චමින්ද විජේසිරි සඳහන් කළේය.

රටේ පවතින තත්ත්වය සමඟ,රටේ ජනතාව මුහුණ දී සිටින අසීරු තත්ත්වය මත එවැනි දෙයකට එකඟ වීමට නොහැකි වීම හේතුවෙන් සභාපතිවරයා හදිසියේම ඉල්ලා අස් වී තිබෙන බව මන්ත්‍රීවරයා සදහන් කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close