මෙරට අභ්‍යාස පොත්, පාසල් බෑග්, සපත්තු ඇතුළු පාසල් උපකරණ මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇත.රට තුළ පවතින කඩදාසි හිඟය හේතුවෙන් මේ වන විට අභ්‍යාස පොත් හිඟයක් පවතින අතර එම නිසා මව්පියන් දැඩි පිඩාවට පත්ව ඇත.
මෙරට අභ්‍යාස පොත් වර්ග කිහිපයක දිස්ත්‍රික් නියෝජිතයන් ප්‍රකාශ කර සිටියේ ඔවුන් සතුව අලෙවි කිරීමට අභ්‍යාස පොත් නොමැති බවත් අලුතෙන් ඇණවුම් කළද තවමත් පොත් නොලැබුණු බවයි.
රුපියල් 50ට පැවැති පිටු 80 අභ්‍යාස පොතක මිල රුපියල් 110 දක්වා ඉහළ ගොස් ඇති අතර රුපියල් 70ක්ව පැවැති පිටු 120ක පොතක මිල රුපියල් 130ක් දක්වාත් ඉහළ ගොස් ඇත.
සී.ආර් වර්ගයේ පිටු 80ක අභ්‍යාස පොතක මිල රුපියල් 120 සිට 130ක් දක්වාත් ඉහළ ගොස් ඇත.
අභ්‍යාස පොත් මිල පොත් වර්ගය අනුව වෙනස් වන අතර ඇතැම් පොත්වල මිල ඊටත් වඩා ඉහළ ගොස් ඇතැයි පාසල් ලිපි ද්‍රව්‍ය අලෙවිකරුවෝ සඳහන් කරයි.
රුපියල් 3ත් 5ත් අතර පැවැති ඡායා පිටපත් ලබා ගැනීමේ ගාස්තුවද මේ වනවිට රුපියල් 12ත් 15ත් දක්වා ඉහළ ගොස් ඇති අතර මකන කෑලි, පැන්සල් සහ පෑන් ආදියේ මිල ද ඉහළ ගොස් ඇත.
අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ හිඟය හේතුවෙන් ඉදිරියේ දී අභ්‍යාස පොත් මෙන්ම මුද්‍රිත පොත් හිඟයක් මතුවිය හැකි අතර මේ වන විට පොත් ප්‍රකාශකයන් රැසක් කඩදාසි නොමැතිවීම හේතුවෙන් අලුතෙන් පොත් මුද්‍රණය කිරීම නවතා දමා ඇති බව වාර්තා වේ.