මෙරට ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගත් එක් තීරණයක් නිසා අද මුළු රටේම කෘෂි කර්මාන්තය දැඩි කඩා වැටීමකට ලක්ව ඇති බවට කෘෂිකර්ම විශේසඥයින් සදහන් කරයි.
මෙරට රසායනික පොහොර භාවිතය ක්ෂණිකව තහනම් කර කාබනික වගාවට යොමුවන ලෙස ජනාධිපතිවරයාට උපදෙස් දුන් උපදේශකයින් ද මේ වන විට සොයා ගැනීමටත් නොහැකි වී ඇති බව කෘෂිකර්ම විශේසඥයින් සදහන් කරයි.
මෙම වගකිවයුතු පිරිස් මෙය තමන් විසින් ඇතිකළ අර්බුදයක් නොවන බව පවසමින් වගකීමෙන් කර ඇරීමට උත්සාහ කළත්, මේ වන විට කෘෂි කර්මාන්තයට සිදුවිය යුතු විනාශය සිදුව ඇතැයි විද්වත්හු සදහන් කරයි.
මෙරට පසුගිය මහ කන්නයටත් වඩා මෙවර යල කන්නයේ පොහොර ගැටළුව උග්ර වී ඇතැයි ගොවීහු සදහන් කරයි.මෙම පවතින තත්ත්වය හමුවේ ඉදිරියේ දී ආහාර ආර්බුදයකට මුහුණදීමට සූදානම් විය යුතු බවට සහල් නිශ්පාදකයින්ගේ සංගමය ද අනතුරු අඟවයි.