මෙරට ඉදිරියේදී බොහෝ දෙනෙකුට දිනකට ආහාර වේල් දෙකකින් පිරිමසා ගැනීමට සිදුවනු ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.එරට රුසියා යුක්‍රේනය යුද්ධය හේතුවෙන් මෙරට ආර්ථික අර්බුදය තවත් උග්‍ර විය හැකි බවද අගමැතිවරයා සදහන් කළේය.
මෙරට ආර්ථික අර්බුදයේ බලපෑම තවමත් පටන් ගත්තා පමණක් යයිද පැවසූ අගමැතිවරයා යුක්රේන රුසියා යුද්ධය සම්පූර්ණ බලපෑම මෙරටට තවමත් අත්විද නැති බවද සදහන් කළේය.එළඹෙන සැප්තැම්බර් මාසයේදි ආහාර හිගයක් ඇතිවන බවත් ශ්‍රී ලංකාවට එහෙම බලපෑම 2024 දක්වා පවතින ඇති බවද සදහන් කළේය.
ආහාර අර්බුදය අමතරව මෙරට යල සහ මහ කන්න වල භෝග වගා කිරීමට අපොහොසත් වී ඇති බවත් එනිසා මෙරට ජනතාවට දිනකට පමණක් අනුභව කරන්නට සිදුවනු ඇති බවත් අගමැතිවරයා එහිදී සදහන් කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැති සමුළුවක් අමතමින්ය.