මෙරට 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මේ වනවිට පාසල් පැවැත්වෙන දින ගණන අඩුවීම හේතුවෙන් එළඹෙන අගෝස්තු නිවාඩුව හැකිතාක් අඩු කිරීමට කටයුතු කරන බවද සදහන් කළේය.
හෙටින් ඇරඹෙන ඉදිරි සති දෙක තුළ දරුවන්ට අහිමි වෙන පාසල් දින ගණන අගෝස්තු සහ දෙසැම්බර් මාසවලින් ආවරණය කරගැනීමට නියමිතව ඇත.
ප්‍රාථමික ගුරුවරුන් සඳහා සජීවි හා සූම් තාක්ෂණය ඔස්සේ සැසි කිහිපයක් පවත්වමින් වර්ෂ අවසානය වනවිට අහිමි වී ගිය අධ්‍යාපන කටයුතු නැවත සිදුකරන අන්දම පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු සූදානම් කරයි.