මැයි මස 09 වැනිදා ගාලුමුවදොර ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීමට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර සිටි කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගනී.
මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන ඊයේ (01) අධිකරණයට දන්වා සිටියේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ද මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරන බවද සදහන් කළේය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නඩුවට අදාළව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක ඇතුළු 13 දෙනෙකු ලබන 8 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළේය.