මෙරටදී තමන් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, රට සහ ආර්ථිකයටත් ඉටුකළ සේවය ඇතැම් පිරිස්වල කිසිදු අගය කිරීමකට ලක් වී නැතැයි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සදහන් කර ඇත.
තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවද බැසිල් රාජපක්ෂ තම සමීපතම හිතවතුන් පිරිසකට සඳහන් කර ඇති බව වාර්තා වේ.මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණය මේ සතියේ දී පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යොමු කරන බවද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
මෙරට හෙට පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වන ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ඇත.තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා අදහස් දැක්වීමට නියමිතව බව වාර්තා වේ.