මෙරට ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙසට දිනේෂ් වීරක්කොඩි නම් අයකු පත් කිරීමේ සූදානමක් ඇති බවට වාර්ථා වෙයි.
මෙම දිනේෂ් වීරක්කොඩි යනු හිටපු අමාත්‍යවරයකු වන ජෝන් අමරතුංගේ බෑනා වේ. මහ බැංකුවේ අධිපති නන්න්දලාල් වීරසිංහගේ ධුර කාලය මේ මස 30 වැනිදායින් අවසන් වීමට නියමිතව ඇත.
පසුගිය දිනක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී තිබුණේ කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව ඔහුට රාජකාරී දිගටම කරගෙන යාමට ඉඩ දෙන බවය.
එරට ඔස්ට්‍රේලියාවේ සිටි නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධුරය භාර ගෙන යළි මෙරටට පැමිණියේ ජානාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනය පරිදියි.