මෙරට ඇල්පිටිය කටපොළ නාගහතැන්න ප්රදේශයේ අද (02) පෙරවරුවේ පිපිරීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කළේය.එම පිපිරීම සිදුව ඇත්තේ නිවසක් තුළදීය.
සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය සැක පලකරන්නේ එම නිවසේ සගවා තිබූ බෝම්බයක් පුපුරායන්නට ඇති බව.මෙම පිපිරීමෙන් නිවසේ හිමිකරු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙරට ඇල්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.