ඉදිරි මැතිවරණයේ නාම යෝජනා කැඳවීමේදී නිසි ක්රමවේද කොමිසම අනුගමනය කර නැතිනම් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් තැන්පත් කල ඇප මුදල් කොමිසම සාමාජිකයන් පෞද්ගලික මුදලින් ගෙවීමට සිදුවනු ඇතැයි නීති විශාරදයින් සදහන් කරයි.
තේරිම් භාර නිලධාරීන්, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, ප්රාදේශීය ලේකම්වරුන්, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ කැඳවා සාකච්ඡා කිරීමකින් තොරව මැතිවරණයට අදාළ කිසිදු නිවේදනයක් නිකුත් කළ නොහැකි බව නීති විශාරදයන් සදහන් කර ඇත.
ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් හමුවු අවස්ථාවේ මේ සම්බන්ධයෙන් විමසා ඇත.