මෙරට අද (19) වන විට ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක සංචිත ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව තිබෙන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේය.අමාත්‍යවරයා සඳහන් කළේ, තවත් මෙට්‍රික් ටොන් 600ක ප්‍රමාණයක් පිරිපහදුවෙන් ලැබෙන බවයි.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4,000ක ප්‍රමාණයක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් 8,300ක පමණ ප්‍රමාණයක් මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු බව කංචන විජේසේකර සදහන් කළේය.
ලංකා IOC සමාගම සතුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 10,000ක පමණ සංචිත ඇති බවත් දෛනිකව පිරිපහදුවෙන් ලැබෙන මෙට්‍රික් ටොන් 350ක සංචිතයක් ද තිබෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේය.