මෙරට ඉදිරි සති කිහිපයේ දී රෝග ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි.
මෙරට සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ ගෙවුණු දින 8 තුළ පමණක් ඩෙංගු රෝගීන් 2416ක් වාර්තා වී ඇති බවයි.බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ අගයක් ගෙන ඇත.
ඩෙංගු රෝගය පැතිරීමේ අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇත.
කිසියම් පුද්ගලයකුට උණ , ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ තිබේනම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයේ කායික රෝග විෂශ්ඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කළේය.