මෙරට දැනට නිකුත් කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් පෙට්‍රල් සහ ඩීසල් හෙට (08) සිට ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.
සැලසුම් කර තිබූ ඉන්ධන නෞකාවලට පෙර තවත් ඉන්ධන නෞකා දෙකක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවූ නිසා මෙම තීරණයට එළඹි බව කංචන විජේසේකර අමාත්‍යවරයා සදහන් කළේය.
මේ අතර අද දිනයේත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් නිර්මාණය වී තිබුණි.යළිත් උග්‍ර වී ඇති ඉන්ධන හිඟය නිසා පිරවුම්හල් ආශ්‍රිතව හටගෙන තිබූ රථවාහන පෝලිම් දිගු වෙමින් ඇත.