මෙරට වෛද්‍යවරුන් දෙදෙනකු කරන වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විමර්ශනයක් ආරම්භ කරයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විනය රෙගුලාසිවලට අනුකූලව වෛද්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට කමිටුව වෙත මූලික ක්‍රියාමාර්ග යොමු කර ඇති බව වෛද්‍ය ආනන්ද හපුගොඩ මහතා සදහන් කළේය.
මෙරට කොළඹ හැව්ලොක් පාර පදිංචි වෛද්‍ය රුවන් එම්. ජයතුංග මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. ඒ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් දෙදෙනකු වකුගඩු ජාවාරමක් සිදු කරන බව සදහන් කළේය.
මෙම වෛද්‍යවරුන් කොළඹ ජාතික රෝහලේ සහ අක්ෂි රෝහලේ සේවය කරන බවද අනාවරණය වී ඇත.
මෙම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙතද ලිපියක් යොමු කර ඇත.